අප රටේ ඓතිහාසික උරුමයක් වන පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රය විනාශ මුඛය කරා ගෙන යන යෝජනා රැසක් වත්මන් රජය ක්‍රියාත්මක කරන්න සුදානම් බවත් පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රය සිසුන්ට වෛද්‍ය සභාවේ ලියාපදිංචිය සඳහා වන විභාගයට මුහුණ දීමට උසස් පෙළ විෂයන් තුනක් සමත් වීම අනිවාර්ය කර ඇති බවත් මෙය පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රය විනාශ කරන්න නිර්මාණය කළ අදූරදර්ශී කොන්දේසියක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද පාරම්පරික ආයුර්වේද වෛද්‍යවරුන්ගේ ගැටලුව පිළිබඳව විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැති සාකච්ඡාවකදීය.
සෞඛ්‍ය ඇමතිවරයා මේ යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ කැටි වළාකුළුවල සිට බවත් පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රය නිරත ගුරු වෛද්‍යවරයකුගේ වයස් සීමාව වයස අවුරුදු 70 නොඉක්මවන ලෙස අදූරදර්ශී තීන්දුවක් බවත් මෙය පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රය සම්පූර්ණයෙන්ම විනාශ කිරීමක් බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
ගුරු වෛද්‍යවරුන්ට තමන්ගේ යටතේ පුහුණුව ලබා ගත හැක්කේ පවුලේ එක් සාමාජිකයකු හෝ ලේ ඥාතියෙක්ගෙ එක් දරුවකු බවත් මේ ආකාරයෙන් සීමා කරන්නේද කෙසේද කියා ගැටලුවක් බවත් පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රය දියුණු කරනවා වෙනුවට රජය එය විනාශ කිරීමේ ක්‍රමානුකූල කූඨ ක්‍රමෝපායක් ක්‍රියාත්මක කරන බවත් දැන්වත් මේ අදූරදර්ශී උත්සාහ අතහැර පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රය ශක්තිමත් කරන්න ආරක්ෂා කරන්න ගත යුතු පියවර ගන්නා ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.
Lanka Newsweek © 2026